ජාතික කෞතුකාගාරය යළි විවෘත කෙරේ

June 29, 2020

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනයවන කෞතුකාගාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව ජුලි මස 01වනදා සිට යළි මහජනතාවට විවෘත කෙරේ.   

ඒ අනුව රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙ.ව 09.00 සිට ප.ව 04.00 දක්වා මහජනතාවට එම කෞතුකාගාර විවෘතව තැබෙන බව ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂ ජනරාල් දැනුම් දෙයි.    ප.ව 02.30න් පසු ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු නොලැබේ.   

එක් වරකට උපරිම නරඹන්නන් 15දෙනෙකු වන පරිදි විනාඩි 30කට වරක් නරඹන්නන් ඇතුළු කරවීමට සැලසුම් කර ඇත. 

t

o

p