එජාප නවකයින් ජවය පෙන්වීමට සූදානම්

June 28, 2020

කුමන බලවේගයකටවත් එක්සත් ජාතික පක්‍ෂයේ බලය නැසිය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක අමල් පුස්සැල්ලගේ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජනහමුවකදයී.


එක්සත් ජාතික පක්‍ෂය පිරිසිදු පක්‍ෂයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා කලක සිට බහුතරයක් පාක්‍ෂිකයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවද ඒ සඳහා නවකයින්ට අවස්ථාව ලබාදීම සඳහා නොහැකි තත්ත්වයක් උද්ගතව පැවැති බවත්, පක්‍ෂයේ කොටසක් කඩාගෙන යාම තුළ එම අවස්ථාව උදා වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.


1970 දී එක්සත් ජාතික පක්‍ෂයේ කෙරුවාව අවසන් යැයි බොහෝ දෙනෙකු අනාවැකි පලකර තිබුණද එය සත්‍යයක් නොවූ බවත්, වර්තමානයේදී සජිත් පිලක් නිර්මාණය වී පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් පිරිසක් පක්‍ෂය හැර ගොස් සිටියද එක්සත් ජාතික පක්‍ෂය කඩා බිඳ දැමිය නොහැකි බවත් අමල් පුස්සැල්ලගේ මහතා අවධාරණය කළා.


මේ මොහොතේ පක්‍ෂයේ ශිකිතමත්ම පිරිස මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති බවත්, පක්‍ෂයට හා ජනතාවට ආදරය කරන, රට ගොඩ නැගීමේ ඇත්ත උවමනාවක් ඇති පිරිස පක්‍ෂය සමඟ සිටින බවත් පෙන්වා දුන් පුස්සැල්ලගේ මහතා කියා සිටියේ මෙවර මැතිවරණයෙන් අනතුරුව පක්‍ෂය හැර ගිය පිරිසට සිදුවන්නේ කුමක්දැයි දැක බලා ගැනීමට සිදුවන බවයි.

අවස්ථාවාදී දේශපාලකයින්ට පැවැත්මක් නොමැති බව ඉරහඳ සේ විශ්වාස බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p