මංගලගෙන් අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

June 24, 2020

අපේ රටේ වර්තමාන ආර්ථික අර්බුද සම්බන්ධයෙන් මහ බැංකුවට දොස් පවරමින් ඔබේ සහෝදරයා වන ජනාධිපතිවරයා පසුගිය සතියේ ක්‍රියා කළ ආකාරය ගැන දැනගත් මොහොතේ මෙම විවෘත ලිපිය ලිවීමට මා අදහස් කළෙමි.

මුදල් අමාත්‍යාංශයේ ඔබේ පූර්වගාමියා වශයෙන් මම අද ඔබට ලියන්නේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පමණක් නොව ආර්ථිකයේ සියලු විෂය පථයන්ට වගකිවයුතු මුදල් අමාත්‍යවරයා වෙතටය.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්, මහ බැංකුව සහ භාණ්ඩාගාරය – පිළිවෙලින් මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති භාර රාජ්‍ය ආයතන දෙක ඔබේ භාරයේ පවතී. ව්‍යවස්ථානුකූලව, ඔබ අපේ රටේ වර්තමාන ආර්ථිකයේ නියමුවාය. කෙසේ වෙතත් ඔබට හිමි බලතල ව්‍යවස්ථාවට යටත් වන අතර ජනරජයේ ආර්ථික මග විධානය හා පාලනයට යටත්ව  පාලනය කිරීමේ බලය ඇත්තේ, ජනධිපති හෝ අග්‍රමාත්‍යවරයාට නොව අමාත්‍ය මණ්ඩලයටය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයාගෙන් ලැබුණු වාග් ප්‍රහාරය සහ පසුව එය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍යයට මුදාහරිනු ලැබීම පෙර නොවූ විරූ දෙයකි.

අපේ ජනරජයේ දශක හතක දීර්ඝ ඉතිහාසයේ කිසි දිනෙක රජය හෝ විපක්ෂය මහ බැංකුවට මෙවැනි ආකාරයකින් කතා කර නැත. එහිදී ජනාධිපතිවරයාගේ කෝපය මහ බැංකුව සහ එහි නිලධාරීන් ඉතා නින්දිත ලෙස ප්‍රසිද්ධියේ අවමානයට ලක් කළේය. රාජ්‍ය නිලධාරීන්ට මෙතරම් ආවේගශීලීව ප්‍රසිද්ධියේ බැන වැදීම බරපතල හිරිහැර කිරීමේ ක්‍රියාවකට වඩා අඩු දෙයක් නොවේ. එහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වන ලද කුහකත්වය මේ රටේ දරුවන්ට ද අවාසනාවන්ත ආදර්ශයකි.

වසර ගණනාවක් විවිධ රජයන්හි සේවය කර ඇති ඇමතිවරුන් වශයෙන්, ඔබ හා මම ද  දන්නා පරිදි  වැරදි නිලධාරීන් සමහරෙකුට වරින් වර තදින් අවවාද කිරීම් අවශ්‍ය බව දනිමි. ඔබ සහ මම රජයේ නිලධාරීන්ගෙ වැරදි නිවැරදි කිරීමට කටයුතු කර ඇත්තෙමු. නමුත් සෑම විටම එසේ කරන ලද්දේ ඔහු හෝ ඇය පෞද්ගලිකව කැඳවීම් කිරීමෙන් පසුවය.

කෙසේ වෙතත් කොයිතරම් අඩුපාඩු ඇතත් ප්‍රසිද්ධියේ අපි  රජයේ නිලධාරීන්ගේ හා ඔවුන් සේවය කරන රාජ්‍ය ආයතනවල ගරුත්වය සහ අභිමානය ආරක්ෂාවන ආකාරයට කටයුතු කර ඇත්තෙමු.  රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කරමින් ‘ගැලරියේ අප්පුඩිය’ බලාගෙන වැඩ නොකිරීමට අප වග බලා ගන්නා ලදී.

පසුගිය වසරේ නොවැම්බරය වන තෙක් මුදල් විෂය භාරව සිටි ඔබේ පූර්වගාමියා වශයෙන්, විශේෂයෙන් ඔබේ නිහඬතාවය නිසා, අසාධාරණ ලෙස හා නොදැනුවත්වම ඔවුන් වෙත එල්ල කර ඇති චෝදනාවලට එරෙහිව මහ බැංකුව ආරක්ෂා කිරීම මගේ යුතුකම බව මම විශ්වාස කරමි. ඔබට මේ වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වුවත් මේ සම්බන්ධයෙන් රටේ මහජනතාව දැනුවත් කිරීම මගේ වගකීමක් යැයි මම සිතමි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික විපත් මූලික වශයෙන් රාජ්‍ය මූල්‍ය හේතු මත විනා මුදල්මය හේතු මත නොවේ. එබැවින් මෙම අර්බුදය තුළ මුදල්මය  ප්‍රතිපත්තිය සඳහා ඇත්තේ සීමිත කාර්යභාරයක් පමණි. ඔවුන්ගෙන් සමහරක් රාජකාරියෙන් ඔබ්බට ගියා වූවද  මහ බැංකුව ප්‍රධාන උත්තේජක ක්‍රියාකාරකම් ගණනාවක් සිදු කර ඇත.

එය  කෙතරම්ද යත්, මුදල් මණ්ඩලයේ සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් උසාවියකට මුහුණ දීමට පවා විවෘතව සිටියි. මා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් මට මෙම ලේඛන සභාගත කළ නොහැකි වුවත්, ඒ වෙනුවට, මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම පරිපූර්ණ නොවන ක්‍රියාමාර්ග ලැයිස්තුව මහජනතාවගේ දැනගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.

සහන පියවර අදහස
පොලී අනුපාත අඩු කිරීම COVID පුපුරා යාමෙන් පසු ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය තුන් වරක් අඩු කරන ලදී.
මහ බැංකු අත්තිකාරම් ලබා ගත හැකි දත්ත නැත.
විදේශ මුදල් සංචිත විකුණුම් පෙබරවාරි 28 සිට මැයි 29 දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.45 ක සංචිත විකිණීම.
මහ බැංකුව විසින්  රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම අමතර රු. බිලියන 239 ක් වටිනා භාණ්ඩාගාර සුරැකුම්පත් මහ බැංකුව විසින් මාර්තු 12 සිට ජුනි 12 දක්වා කාලය තුළ රඳවා තබා ඇත.
සේවක අර්ථ සාදක අරමුදල  විසින් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම ඊ.පී.එෆ්. විසින් වෙළඳපල මිලට වඩා අඩු මිලට සුරැකුම්පත් මිලදී ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස ඊපීඑෆ් සාමාජිකයින්ගේ ඉතිරිකිරීම් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු පොලී අනුපාතයක් ලබා ගනී. මෙය මුදල් මණ්ඩලයේ සාමාජිකයින්ට ඇති විශ්වාසවන්ත රාජකාරිය උල්ලංඝනය කිරීමකි.
විදේශ මුදල් හුවමාරුව ඩොලර් මිලියන 400 ක ඉන්දියානු රිසේර්ව් බැංකුව සමඟ හුවමාරුව
COVID ප්‍රතිමූල්‍යකරණ පහසුකම රුපියල් බිලියන 50 ක ප්‍රතිමූල්‍යකරණ පහසුකම.
භාණ්ඩාගාර සුරැකුම්පත් නීති විරෝධී ලෙස වෙන්දේසි කිරීම අපේ‍්‍රල් අග දී ණය ගැනීමේ සීමාව උල්ලංඝනය වූ දා සිට, භාණ්ඩාගාර සුරැකුම්පත් නිකුත් කිරීම සිදුව ඇත්තේ නීතිමය අවසරයකින් තොරව ය. කෙසේ වෙතත්, මුදල් මණ්ඩලය දිගින් දිගටම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට භාණ්ඩාගාරයේ නියෝජිතයා ලෙස කටයුතු කිරීමට ඉඩ ලබා දේ.

ජනාධිපතිවරයාගේ චෝදනාවලට ඇත්ත වශයෙන්ම පදනමක් නැත. ඇත්ත වශයෙන්ම, ඔහුගේ රාජකාරියේ ඇති බලපෑම් සහ පීඩාවට මුහුණ දීමට නොහැකි බවය. ජනපතිවරයා සතුව ආර්ථික, දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අත්දැකීම් ඉතා අල්ප බැවින් ඔහුට ජනාධිපති ධූරය අභියෝගයක් වීම පුදුමයක් නොවේ.

ඔහුට පූර්ව අත්දැකීම් තිබුණේ නම් මහ බැංකුව පිළිබඳ පූර්ණ පාලනය ඔබ රජය සතු බව දැන සිටිය යුතුය. කෙසේ වුවද පසුගිය මැයි 31 දක්වා මහ බැංකුව සතුව යම් ස්වාධීනත්වයක් තිබුණේ නම් එය ද අහිමි විය.

මුදල් මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ හය වසරක සේවා කාලය සම්පූර්ණ වීමට පෙර ඉල්ලා අස්වන ලෙස දන්වා සිටීමට ඔබේ රජය පෙර නොවූ විරූ හා අශෝභන පියවරක් ගත්තේය. අවාසනාවකට මෙන්, ඔවුන් එකඟ නොවූයේ  නම් ඔවුන් බලා සිටි ප්‍රචාරක ප්‍රහාර එල්ලවීමට ඉඩ තිබූ බැවින් දන්වා සිටි පරිදි ඔවුන් ඉල්ලා අස්වූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස දැනට සිටින මුදල් මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා වනුයේ  ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇති අය පමණි. ඇත්ත වශයෙන්ම, බහුතරය (මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම්) ඵලදායී ලෙස සේවය කරන්නේ ජනාධිපතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ සතුට හා කැමැත්ත තිබෙන තාක් පමණි. කෙසේ වෙතත්, මහ බැංකුව දේශපාලනීකරණය ආරම්භ කරනු ලැබුවේ ඔබ විසින් නොව, පාලන තන්ත්‍රයේ සැබෑ ආර්ථික ඔස්තාර් අයකු ලෙස සලකන පුද්ගලයෙකු විසිනි. වරක් ඔබ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු විසින් ‘ආර්ථික ඝාතකයෙකු’ ලෙස හැඳින්වූයේ ද මේ පුද්ගලයාය.

මහ බැංකුව අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ට අවශ්‍ය දේ කර ඇත. අර්බුදයේ දරුණුතම අවධියේදී ද්‍රවශීලතා විශාල ප්‍රමාණයක් සැපයීමට සහ ගෙවීම් හා පියවීම් පද්ධතිවල අඛණ්ඩතාව සහතික කිරීමට ඔවුහු ඉක්මන් වූහ. පොලී අනුපාත පහත හෙලීමට සහ ඉදිරි මාස හය සඳහා ව්‍යාපාරවලට හුස්ම ගැනීමේ ඉඩක් ලබා දෙන තාවකාලිකව ණය ආපසු අය කිරීම අත්හිටුවීම් සඳහා ප්‍රථිපත්ති රාමුව ඉතා ඉක්මණින් ප්‍රකාශ කිරීමට ඔවුන් සමත් වී තිබේ.

මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධන ණය 4% ක පොලියට ලබා දීමට ඔවුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම සක්‍රීය කළේය. ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධන සීමාවන් ලිහිල් කරමින් බැංකු පද්ධතියට යම් කම්පන ආවරණයක් ලබා දෙන අතරම මෙය සිදු කරන ලදී..

මහ බැංකුවේ කාර්යභාරය වන්නේ මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සඳහා මුදල් සැපයුම සහ පිරිවැය කළමනාකරණය කිරීමයි. මුදල් පිරිවැය චමත්කාර ලෙස පහත වැටී ඇති අතර, මුදල් සැපයුම සතුටුදායක මට්ටමකට වඩා වැඩි වී ඇති අතර උද්ධමනය පාලනය කර ඇත. වෙනත් වචන වලින් කිවහොත් – මහ බැංකුව සිය කාර්යභාරය ඉටු කර ඇත.

මෙම සන්දර්භය තුළ මහ බැංකුව වෙත බැන වැදීම හා කෑ ගැසීම හුදෙක් පිළිබිඹු කරන්නේ ආර්ථිකයේ මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ආර්ථික පුනර්ජීවනය සඳහා වූ උපායමාර්ගය ප්‍රකාශ කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ සහ රජයේ අනෙකුත් අංශවල කාර්ය භාරයයි

ජනාධිපතිවරයා තම කෝපයෙන් බැන වැද පසුදා උදෑසන වන විට‘යාන්ත්‍රණයක්’ – මුදල් සහන පැකේජයක්, ඉල්ලා සිටියේය. සියලු දෙනා දන්නා පරිදි, මූලිකවම තිබෙන්නේ රාජ්‍ය මූල්‍ය ගැටලුවයි. රජයට මුදල් වියදම් කිරීමට අවශ්‍යයි, නැතිනම් අන් අය ණයට දීමට හා වියදම් කිරීමට ඇති අවදානම සැලකිල්ලට ගත යුතුය.

කෙසේ වෙතත්, උපක්‍රම යනු ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රමය නොවේ. තත්වය අධ්‍යයනය කිරීම හා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා අන්තර් ආයතන ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කළ යුතුව තිබුණි. ඊටත් වඩා මුදල් මණ්ඩලයට  හොඳ දෙදෙනෙකු පත් කර පසුව එකිනෙකාගේ විශ්ලේෂණයේ හිඩැස තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ දීමෙන් හොඳම තීරණය ගත හැකිය. එහි ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. මගේ ආයාචනය බිහිරි කන් මත වැටී ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය තවදුරටත් ලිහිල් කර ඇත – මෙය දැනටමත් වෙළඳපොලේ ප්‍රමාණවත් හා ඇත්ත වශයෙන්ම අතිරික්ත ද්‍රවශීලතාවයක් පවතින විට පද්ධතියට ඊටත් වඩා ද්‍රවශීලතාවයක් සපයයි. ගැටළුව ද්‍රවශීලතාවය නොවේ. ගැටලුව ණය අවදානමයි.

COVID නිසා ඉහළ අවදානමක් ඇති ව්‍යාපාරවලට ණය දීමට බැංකුවලට අවශ්‍ය නොවන්නේ එවැනි ණය ආපසු ගෙවීම  පැහැර හැරීම කෙලින්ම තැන්පත්කරුවන්ගේ ඉතුරුම් අහිමිවීමට හේතු විය හැකි බැවිනි. එක් අතකින් සී.බී.එස්.එල්. මූල්‍ය සමාගම් අසාර්ථක වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර අනෙක් පැත්තෙන්  අසාර්ථක වීමට හේතු වන අවදානම් සහගත ව්‍යාපාරවලට ණය දීමට වානිජ බැංකු තල්ලු කිරීමෙන් ඒවා ද අසාර්ථක වීමට මං සලසයි.

මෙම ගැටළුව විසඳීම සඳහා භාණ්ඩාගාරය විසින් COVID සහන සඳහා බැංකු විසින් සපයනු ලබන ණය සඳහා අර්ධ ඇපකරයක් ලබා දිය යුතුය – තැන්පත්කරුවන්ගේ අරමුදල් සඳහා අමතර ආරක්ෂාවක් ඇති බව දැන දැන බැංකුවලට නිදහසේ ණය ලබා දිය හැකි බව සහතික කරයි. කෙසේ වෙතත් එවැනි ඇපකරයක් ලබා දීමට භාණ්ඩාගාරයට අරමුදල් නොමැත. දැඩි බදු කප්පාදුවක් ක්‍රියාත්මක කරමින් පසුගිය දෙසැම්බරයේ දී භාණ්ඩාගාර ආදායමෙන් තුනෙන් එකක් කපා හැරීමට රජය තීරණය කළ විට මෙය පුදුමයක් නොවේ.

බදු කප්පාදුව මිල හා ජීවන වියදම අඩු කිරීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකළ අතර දැන් භාණ්ඩාගාරයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට අරමුදල් සැපයීම පමණක් නොව යන්තමින් වැටුප් ගෙවිය හැක. භාණ්ඩාගාරයට යම් ආදායමක් ඇත්නම් ඔවුන්ට පහත සඳහන් දෑ ක්‍රියාත්මක කළ හැකිව තිබුණි.ආයතනික බැඳුම්කර මිලදී ගැනීමේ වැඩසටහනක් – එහිදී අවධාරණය කරන ලද ආයතන විසින් භාණ්ඩාගාරය මිලදී ගන්නා දිගුකාලීන ආයතනික බැඳුම්කර නිකුත් කරන අතර ස්ථාවරත්වය නැවත පැමිණි පසු ද්විතීයික වෙළෙඳපොළ තුළ විකිණීමේ අවස්ථාව ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කොටස් ආයෝජනය සඳහා විශේෂ කාර්ය වාහනයක්  SPV- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල කොටස් ආයෝජනය කළ හැකි භාණ්ඩාගාර ආයෝජන සමඟ SPV පිහිටුවිය හැකිය. ප්‍රතිලාභී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ සවිබල ගැන්වීමේ මණ්ඩලයේ ලැයිස්තු ගත කළ යුතු බැවින් කොන්දේසි සැකසිය හැකි අතර එමඟින් කොටස් පසුව ආපසු පැවරිය හැකිය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සුදුසුකම් ලැබීම සඳහා රැකියා මට්ටම් රඳවා ගැනීමට සහ / හෝ අපනයන අංශයට පිවිසීමට අවශ්‍ය වේ.ණය ඇපකර අරමුදල – මෙම ආතතියෙන් පෙළෙන කාලය තුළ අවදානම් බෙදාහදා ගැනීම සහ ආර්ථිකය හරහා ප්‍රාග්ධනය සුමටව ගලා යාම සහතික කිරීම සඳහා පුද්ගලික බැංකු විසින් සපයනු ලබන ණය සඳහා අර්ධ ඇපකරයක් සපයන භාණ්ඩාගාර අරමුදලකි. නැවතත්, ප්‍රතිලාභීන් රැකියා මට්ටම් රඳවා ගැනීමට නියම කළ හැකිය.

අර්බුදයකට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය සංචිත ගොඩනගා ගත යුතුය. අවාසනාවකට මෙන්, අර්බුදයට පෙර ආදායම් මාර්ග කපා හැරීමෙන් රජය සිය සංචිත සියල්ලම ඉවත දැමූ විට, අර්බුදය ඇති වූ විට එය දුර්වල හා අසරණ වේ. මෙය සිදු වූ විට මහ බැංකුව වෙත දිව ගොස් වැඩි මුදලක් මුද්‍රණය කරන ලෙස ඉල්ලා සිටීමෙන් පලක් නැත.

මහ බැංකුව ස්වාධීන වෘත්තීය ආයතනයක් ලෙස මේ දක්වා වගකීමෙන් යුතුව කටයුතු කර ඇත – නමුත් දැන් එය අද්දරට තල්ලු වෙමින් තිබේ. අද සිම්බාබ්වේ, මැයි මාසයේ උද්ධමනය 785% ක් ලෙස වාර්තා කර ඇත – ඉතා ඉක්මනින් එය ශ්‍රී ලංකාව ට ද  විය හැකිය.

මීට පෙර, මා සහ අනෙක් අය මාස කිහිපයක් තිස්සේ කර ඇති යෝජනා සාරාංශ කිරීමට පෙර, තවත් අනතුරු ඇඟවීමක් වාර්තාවේ තැබිය යුතුය.  ගණනය කළ නොහැකි තරම් සමාගම් සහ පුරවැසියන් ඔවුන්ගේ ණය පැහැර හැරීමට යන්නේ ය. රජය එකී ණය ආපසු ගෙවීම පැහැර හරිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙය බැංකු පෙර නොවූ විරූ අගතියකට ලක් කරනු ඇත. තවදුරටත් බැංකුවලට පීඩනය යෙදුවහොත් එය බැංකු අර්බුදයකට තුඩු දිය හැකිය. බැංකු අර්බුද අනෙකුත් අර්බුදයන්ට වඩා දිගු හා වඩා නරක ය – ස්වෛරී ණය පැහැර හැරීම පිළිබඳ භයානක අවස්ථාව ද ඇතුළුව. රජයට ඇප ලබා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අවකාශය නොමැති නිසා මෙය වඩාත් කනස්සල්ලට කරුණකි.

මේ සියල්ල වළක්වා ගත හැකිව තිබුණි. අපගේ වර්තමාන විපත් බොහොමයක් පැන නගින්නේ අපේ විදේශ සබඳතා පෙර නොවූ විරූ ලෙස වේගයෙන් පිරිහීමෙනි. වසර පහක් තිස්සේ අප විසින් නිවැරදි කර තිබූ සබඳතා ඔබේ රජය පවත්වා ගෙන ගියේ නම්, ශ්‍රී ලංකාව අද මෙම දුෂ්කරතාවන්ට මුහුණ නොදෙනු ඇත. ඔබ කාර්යාලයට පැමිණි විට, අප විසින් පිහිටුවා ගත් ආර්ථික සම්බන්ධතාවල සාරාංශයක් මෙහි දැක්වේ.

ඩොලර් මිලියන 500 ක් වටිනා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ප්‍රදානය එක්සත් ජනපදයෙන්; ජීඑස්පී + සහ මත්ස්‍ය අපනයන යුරෝපා සංගමයට යථා තත්ත්වයට පත් කිරීම; ඉන්දියානු සහන මූල්‍ය සහ ගුවන්තොටුපල සහ දුම්රිය සඳහා ආයෝජන; හම්බන්තොට දී චීන නිදහස් වෙළඳ කලාපයක් හම්බන්තොට වරායට විදේශ සෘජු ආයෝජන; සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක්; ජපානයෙන් එල්.ආර්.ටී. සඳහා පොලී රහිත මුල්‍යකරණය.

ලෝකය ලංකාවට උදව් කිරීමට සූදානම් වූ අතර ශ්‍රී ලංකාව සමඟ හවුල් වීමට අවශ්‍ය විය. මාස කිහිපයකින් එම හොඳහිත නැති විය. එල්.ආර්.ටී. දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම පිළිබඳ ජපන් තානාපති කාර්යාලයේ නවතම පුවත එක් උදාහරණයක් පමණි. ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක උත්තේජනයට වඩා අපේ උත්තේජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ට වඩා අඩු වන්නේ මේ නිසා ය.

විපත්තියෙන් වැළකී සිටීමට තවමත් පටු කවුළුවක් තිබේ. ඔබගේ පළමු ධුර කාලය තුළ මම ඔබේ විදේශ ඇමතිව සිටියදී, ශ්‍රී ලංකාවට එම්.සී.සී. ප්‍රදානය ලැබීම සහතික කිරීම සඳහා මාව වොෂිංටන් ඩී.සී. වෙත යැවීමේ ප්‍රඥාව හා විචක්ෂණභාවය ඔබට තිබුණි. ඔබේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරමින් සිටියේය. අවාසනාවකට මෙන්, ඔබේ රජය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කුණු කූඩයට දැමූ නිසා, එම ප්‍රදානය අත්හිටුවන ලදි.

අද එම වරද්දම නොකරන්න. ඔබ විශ්වසනීය ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම්, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ නීතියේ ආධිපත්‍යය සහතික කරන්නේ නම්, ඔබට මෙතෙක් ප්‍රවර්ධනය කර ඇති රුපියල් බිලියන 150 ක අරමුදලට වඩා බොහෝ ගුණයකින් වැඩි COVID ප්‍රතිසාධන අරමුදලක් නිර්මාණය කළ හැකිය.

 ඒ සඳහා මගේ ඇස්තමේන්තුව මෙන්න

සහාය වර්ගය වටිනාකම
මිලේනියම් අභියෝගතා සංස්ථාව MCC ප්‍රදාන Rs. 93 billion
ජා.මූ.අ. වේගවත් මූල්‍ය මුල පිරීම සහනදායී ණය Rs. 149 billion
LRT සහනදායී ණය Rs. 186 billion
නිල ණය හිමියාගේ ණය සහනය  (ඇස්තමේන්තුව) ප්‍රදාන Rs. 56 billion
එකතුව   Rs. 484 billion

මෙම පහසුකම් සියල්ල වහා මුදාහැරීමට නොහැකි වනු ඇති වුවද, ජාත්‍යන්තර මූල්ය අරමුදලේ ශීඝ්‍ර මූල්‍යන වැඩසටහන පමණක් සමහර COVID සහන ණය අවදානම ගැනීමට රජයට සැලකිය යුතු ලෙස වැඩි  ඉඩ කඩ ලැබෙනු ඇත. “ශ්‍රී ලංකාව සඳහා නව ගනුදෙනුවක්” යන මාතෘකාවෙන් යුත් මගේ මෑත පුවත්පත් ප්‍රකාශයේ සඳහන් පියවරයන් තිබේ.

පශ්චාත් මැතිවරණ කාලය දෙස බැලීමෙන් අවසන් නිගමනයකට එළඹීමට  මට ඉඩ දෙන්න. මෙම වසර අග හෝ ඊට පසු ශ්‍රී ලංකාව එකී ණය පැහැර හරිනු ඇතැයි වෙළඳපල අපේක්ෂා කරන බව ඔබේ උපදේශකයින් ඔබට පවසා ඇතැයි  මට විශ්වාසයි.

එය අප සැමට පෙර නොවූ විරූ තත්වයක් වනු ඇත. රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවනු ඇත. අපනයන ඇතුළු අපගේ ජාත්‍යන්තර වෙළඳාම විශාල වශයෙන් කඩාකප්පල් වනු ඇත. මීට පෙර ස්වෛරී පැහැර හැරීම් සම්බන්ධයෙන් කටයුතු කළ ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ ඔබ ශක්තිමත් සැලැස්මක් සකස් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මෙම ලිපිය ලියා ඇති හරයෙන් යුක්තවම ඔබ මෙය කියවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මංගල සමරවීර

t

o

p