දැන්ම සංචාරක කර්මාන්තයට පිවිසීම මාරයාගේ කටට අත දැමීමක්!

June 18, 2020

ඉන්දියාව ඉකුත් 16 වෙනි දා තැබූ වාර්තාව ගතවූ පැය 24 ට මරණ 2003යි. එහි ඊයේ දිනයේ හමුවූ රෝගීන් ගනන 10974යි, මුළු කොරෝනා මරණ 11903 යි,මුළු කොරෝනා රෝගීන් 354065 යි.

“ඉන්දියාවේ කොරෝනා රෝගීන්ට රෝහල් වල ඉඩ නොමැතිවී මියගිය රෝගීන් අහුමුලු වල ගොඩගසා තිඛෙනවා”

 16.6.2020 සවස 6.55 ප්‍රවෘත්ති ප්‍රකාශයේදී තවදුරටත් මෙසේ පැවසුනා.”

“චීනයේ පසු ගිය පැය 24 තුලදී නව කොරෝනා ආසාදිතයින් 40ක් හමුවුනා.දැනට එම පොකුර 106 ක් දක්වා ඉහල නැග තිබෙනවා. විදේශ රටක සිට පැමිණි අයෙකුගෙන් එය ආරම්භ වන්නට ඇති බව චීන බලධාරීන් විශ්වාස කරනවා.

මෙම තත්වය ඉතාම දැඩි අවදානම් තත්වයක් ලෙස බරපතල ලෙස සලකමින් යුධ සමයේ හදිසි නීති රෙගුලාසි බලාත්මක කරමින් ව්‍යාප්තිය දැඩි පාලනයකට ලක් කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.

නවසීලන්තය දින 24 කට පසු කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා කලා. ලන්ඩන් නුවර සිට පට පැමිණි දෙදෙනෙක් නිසා මෙසේ සිදුවී ඇති බව සැලකෙනවා. නවසීලන්තය සම්පූර්ණයෙන්ම කොවිඩ් වෛරසය තුරන් කළ රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කර සංචාරක සීමා ලිහිල් කෙරුනේ පසු ගිය සතියේ යි.”

තව මාස දෙක තුනකින් කොරෝනා වෛරසය ට එරෙහි එන්නත් පැමිණෙන බව ලොව පුරා මාධ්‍ය හා පර්යේෂණ ලිපි එලි දැක් වෙනවා. එතෙක් ඉවසන්නේ නැතුව සංචාරක නීති ලිහිල් කලොත් සිදුවන දෙය ඉහත උදාහරණ වලින් පේනවා.

දැනට අපේ කොරෝනා ආසාදිතයින් 2000 සීමාවේ තිබීමත් එම මරණ 11 ට තිබීමටත් හේතු මොනවාද?
1ගුවන් ගමන් නැවැත්වීම.
2. ඇඳිරි නීතිය පැනවීම් මගින් නගර ලොක්ඩවුන් කිරීම
3.පැමිණි අය වෙන වෙනම සොයා ඒ අය සමග සම්බන්ධ වුණු සියලු වලලු නිරෝධායනය කිරීම.
4. හමුවුනු රෝගීන් කොරෝනා රෝහල් වලට යවා ප්‍රතිකාර ලබාදීම.
5. ICU ඇඳන් සූදානම් කර තිබීම
6. විදේශ වලින් ගෙන්වූ අය නිරෝධායනය සඳහා සහ රෝහල්වල ඉඩ තිබෙන අයුරින් ගෙන්වීම.
7. අපේ පාලකයින්ගේ , සුව සේවාවල , පොලිසිය හා හමුදාවේ, ඇති නැති සියළු ජනතාවගේ, කැපවීම් , නිවාඩු පරිත්‍යාග කර, අඹු දරුවන්ගෙන් වෙන්වී, මරණය අතේ තබාගෙන වැඩකල සියලු අයගේ පරිත්‍යාගය අසමසම වීම .

මෙම ක්‍රියාවලිය ගැන “පුටු උඩ වාඩිවී,මුකුත් නොකර, මයික්‍රෆෝන් පිටුපස සිට” කට මැත දොඩවන අයත්, පාම්පෝරි ගහන අයත්, සමච්චලයට හිනාවෙන අයත්, මහාචාර්ය වරු පරදා උපදෙස් දෙන අයත්, බාල්දු වට හා හෑල්ලුවට ලක් කරන කතා කියනඅයත්, මිනිසුන් ගේ බඩගින්න මතක් වී මයික්‍රපෝන් පිටුපස ශෝක ජවනිකා රඟපාන අයත්, ලොව කොරෝනා පැතිරීම අතින් දෙවෙනි තැන ගන්නා බ්‍රසීලය හා හතරවෙනි තැන සිටින ඉන්දියාවත් ඌෂ්ණ කලාපීය රටවල් බව නොදැන ඌෂ්ණ කලාපීය රටක් නිසයි අපි බේරුනේ කියා කියූ අමණයනුත් දැන් ලැජ්ජා විය යුතුයි.

සියලු දෙනා දැනගත යුතූ වන්නේ දැන් අපි සියලු දෙනා හොඳටම හෙම්බත් වී ඇති බවයි.
කංකෙඳිරි නොගෑවට, කුල නොකිව්වට, ඇඬුවේ නැති වුනාට, අමාරුකම් ඉවසා සිටියාට
මේ ශරීර කූඩු, හදවත් ,ගැන ටිකක් හිතන්න.

සංචාරක ව්‍යාපාරය රටට ආදායම් ගෙනැත් රටේ ආර්ථිකය නැංවීමට ඉවහල් වුනත්


1 සීමා රහිතව රටට ඇතුල් වන පිරිස ඉහත ආකාරයෙන් යන එන තැන් සොයාබලා අපට මනා ලෙස පාලනය කල හැකිද?
2. ඔවුන් නිරෝධායනය කල හැකිද?
3. රෝගීන් බහුල වුණොත් රෝහල් පුරවාගෙන ඊයේ ඉන්දියාවට වුනු දේ අප සිදුකර ගත යුතුද?

මේ අනුව කොරෝනා එන්නත තව නොබෝ කලකින් අපට ලැබෙන තුරු සංචාරක ව්‍යාපාරය ඇරඹීම ඉතාම අනුවණ ක්‍රියාවකි.
ඉන්දියාව වගේ දහස් ගනන් මැරෙන්න ගත්තොත් අපේ ආර්ථිකය වර්ධනය වේද?

ආර්ථික වර්ධනය සඳහා වෙනත් ක්‍රම රාශියක් ඇත. අපි ඒවා සොයමු.

යම් ලෙසකින් මේ මැතිවරණය අස්සේ නැවත කොරෝනා රැල්ලක් ආවොත් එයට හේතුව මැතිවරණ පැවැත්වීම කියා කියන්න පිරිසක් දැනටමත් ලෑස්තිය.

එනිසා මැතිවරණ නිමවී මාසයක් දෙකක් යනකම් සිටීමෙන් අපිට වෛරසය මැතිවරයේදී හැසිරුණු අයුරු බැලීමටත් එන්නත් අපට ලැබී එහි ක්‍රියාව ඇරඹී අපේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමටත් , හැකිය.

ඉන්පසු රටේ ආර්ථිකය බේරා ගනීමට උත්සාහ කිරීම වඩාත්ම නිවැරදි ක්‍රමයයි. 

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජපක්ෂ  

t

o

p