චීනයෙන් නැවතත් කොවිඩ් ආසාදිතයින්

June 15, 2020

චීනයෙන් ඊයේ (14) දිනයේ දී කොවිඩ් ආසාදිතයන් 57 දෙනෙක් හඳුනා ගැනුණේ එරටට දෙවන කොවිඩ් රැල්ලක අවදානමක් මතු කරමින්.

බීජිං නගරයෙන් යළි ආසාදිතයන් හමුවෙමින් තිබෙන්නේ එය කොවිඩ් වසංගතය ශුන්‍ය කළ භූමියක් ලෙස ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.

මේ අතර, ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ අසූවට ආසන්න වෙමින් තිබේ.

වසංගතයෙන් වාර්තා වී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව හාර ලක්ෂ තිස් පන්දහසකට අධිකයි.

t

o

p