දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

June 12, 2020

දිවයින පුරා පෙරහුරු ඡන්ද විමසීම් තවත් 16 ක් ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

මහ මැතිවරණයට අදාළ පළමු පෙරහුරු මැතිවරණය පසුගිය 7 වැනිදා අම්බලන්ගොඩදී පැවත්විය.

ඡන්දදායකයන් දෙසීයකට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන මෙම ඡන්ද විමසීම සංවිධානය කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඡන්දය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම සඳහාය.

t

o

p