මංගල මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් වීම දේශපාලන ක්‍රියාදාමයක්

June 11, 2020

මුදල් හා ජන මාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ  මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ ය .

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද වජිර අබේවර්ධන මහතා පැවසීය .

මෙම දේශපාලන ක්‍රියාදාමය නිසා සමගි ජන බලවේගයේ  මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව ද දකුණු පළාතේම  ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීය .

ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත මෙරට ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය .

අංජුල මහික වීරරත්න

t

o

p