අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 20 ඉක්මවයි

June 8, 2020

අමෙරිකාවේ පමණක් සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව එක් ලක්ෂ දොළොස්දහසකට අධිකයි.

කොවිඩ් වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ලවූ රට වන අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 20 ඉක්මවා තිබේ.

එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 112,469 දක්වා ඉහළ දමමින් ඊයේ දිනය තුළදී මරණ 737 ක් වාර්තාවී තිබුණි.

t

o

p