අමෙරිකාවේ, මෑන්හැටන් නගරයේ විරෝධතාවයේ නිරත වූ පිරිසක් නිව්යෝර්ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වන විට එම නගරයේ විරෝධතාවල නිතරවූ සිය ගණනක් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.
වසංගත තත්ත්වයක් පැතිර යන අවස්ථාවකදී පැය 24කට අධික කාලයක් එලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අවදානම් තත්ත්ත්වයක් බව විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.