කහ තිත් පළඟැටි උවදුර උතුරට සහ රත්නපුරයටත් ව්‍යාප්ත වේ

June 5, 2020

උතුරු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද භෝග වගාව ආශ්‍රිතව කහ තිත් පළඟැටි උවදුර වාර්තා වී තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, දින කිහිපයක් තුළ එම තත්ත්වය දිවයිනේ ප්‍රදේශ රැසක් කරා ව්‍යාප්ත වී ඇති බවයි.

මෙම තත්ත්වය පළමුව වාර්තා වූයේ කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙනි.

ඉන්පසුව එය මීරිගම කෑගල්ල වැනි ප්‍රදේශ කරද ව්‍යාප්ත විය

බඩ ඉරිඟු, පේර, කෙසෙල් වගාවන් ආශ්‍රිතව වාර්තා වූ කහ තිත් පළගැටි උවදුර, මේ වන විට එය රබර්, පොල් ආදී වගාවන් ආශ්‍රිතව ද වාර්තා වන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

කහ තිත් පළඟැටි උවදුර පිළිබඳ තොරතුරු ඇත්නම් ඒවා 1920 දුරකතන අංකයට දැනුම් දිය හැකියි

t

o

p