ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වයෙන් ඉවත් වීමට සුදානම් සංවිධාන රටට හෙළි කරන්න

May 21, 2020

ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වයෙන් ඉවත් වීමට සුදානම් යැයි 11 වන  රණවිරු සැමරුමේදී  ජනාධිපතිවරයා සඳහන් කළ සංවිධාන මොනවාදැයි වහාම රටට හෙළි කළ යුතු බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාව දැනට සමීප සබදතා පවත්වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජගත් මානව හිමිකම් සංවිධානය, ආසියා සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරන අවස්ථාවක ජනාධිපතිවරයා සාමාජිකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කලේ මෙයින් කුමන සංවිධානයකින් දැයි වහා රටට කිව යුතු බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය සමඟ තිබෙන සබදතා වලින් ඉවත් වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් එම රට වලට අලෙවි කිරීමට කිසිඳු ඉඩක් නොලැබෙන අතර මත්ස්‍ය අපනයනයද මුළුමනින්ම ඇනහිටීමේ අවදානමක් පවතින බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කීය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම හැර මානව හිමිකම් කඩවීම පිළිබඳව අනෙක් නඩු සියල්ලක්ම ජාත්‍යන්තරයේ සහ මෙරට අධිකරණ වල පවරා ඇත්තේ එවකට විපක්ෂයේ සිටි හා දැනට ආණ්ඩු බලයේ සිටින කණ්ඩායම විසින් බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

t

o

p