විපක්ෂ නායක නිල නිවෙස යළිත් සජිත්ට ලබාදීමට රජයේ අනුමැතිය හිමිවේ

May 21, 2020

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන් සිටි නිල නිවෙස් යළිත් ලබාදීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද කොළඹ 07 සර් මාකස් ප්‍රනාන්දු මාවතේ අංක 30 දරණ ස්ථානය ඔහුගේ නිල නිවස ලෙස ලබාදීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට විපක්ෂ නායක නිල නිවස ලෙස විපක්ෂ නායක කාර්යාලය ලබාදීමේ යෝජනාවද ඇතුලත් කර ඇති අතර මේ වන විට ඊට අනුමැතිය හිමිව ඇත.


සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත රජය විසින් කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලය විපක්ෂ නායක නිල නිවස ලෙස ලබාදී ඇත්තේ ඉකුත් අප්‍රේල් මස දෙවෙනි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකිනි.


එය පසුගිය කාලය පුරාම විපක්ෂ නායක කාර්යාලය ලෙස භාවිතා කළ අතර 2013 අගභාගයේදි එය විපක්ෂ නායක කාර්යාලය ලෙස එය සංවර්ධනය කිරිමට ද පියවර ගන්නා ලදි. ඉන් පසුව ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ලෙස පත් වූ පසු ඔහුට විපක්ෂ නායක නිල නිවස ලෙස ජාවත්ත ප්‍රදේශයෙන් රජයේ නිවාසයක් ලබා දී තිබුනි.


විපක්ෂ නායක කාර්යලය විපක්ෂ නායක නිල නිවස ලෙස වෙනස් කොට සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට භාවිතා කළද එය තවමත් භාවිතා වන්නේ කාර්යාලයක් ලෙසය. පාර්ලිමේන්තුවෙන් මෙම නිල නිවස වෙනුවෙන් කුලි ගෙවන්නේ විපක්ෂ නායකට වෙන් කළ වැය ශිර්ෂයේ මුදලිනි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාර්තු 03 වන දින සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේ යතුර විපක්ෂ නායක ලේකම්වරයාට බාර දුන්නේ තවදුරටත් ඔහු විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි නොකරන බව පෙන්වමිනි.
නමුත් පසුගිය දිනවල යළිත් ඔහු විපක්ෂ නායක කාර්යාලයේ සමගි ජනබලවේගයේ මාධ්‍ය හමු පැවැත්වූ අතර ඒ පි්ලිබදව මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදි කියා සිටියේ රජයට මුදල් ගෙවා මාධ්‍ය හමු පැවැත්වීමට කාර්යාලය ලබා ගන්නා බවය.


රජයට බාරදුන් කාර්යාලයක් නැවත මුදල් ගෙවා ලබාගත නොහැකි අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය තිබිය යුතුය. සජිත් ප්‍රේමදාස රටට ජනතාවට මෙන්ම මාධ්‍යයටත් බොරු කරමින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමේ රජයේ කුමන්ත්‍රණයේ නිරතවී සිටියි.

t

o

p