බෙංගාල බොක්කේ පීඩන අවපාතය චණ්ඩ කුණාටුවක් වෙන ළකුණු

May 18, 2020

බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව ඇති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති අතර එය ඉදිරියේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් නිරිත දිග කොටසේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

අම්භන් සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කිලෝමීර් 610ක්  පමණ උතුරු අක්ෂාන්ශ 11.3 ත් නැගෙනහි දේශාංශ 86.1 ක් ආසන්නව ස්ථානගතව පවතිනවා. මෙම පද්ධතිය ඉදිරි පැය 6තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවට අනුමාන කරනවා.

දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 ත් අතර විය හැකියි.

දිවයින පුරා අහස වළාකුළින් බරව පවතී.

දකුණ, බස්නාහිර, සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු මැද , නැ‍ගෙනහිර හා ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

t

o

p