රජයේ ඉහල තනතුරු වලට පත් කළ යුත්තේ පරිපාලනය දන්නා පළපුරුද්ද තිබෙන අයයි

May 14, 2020

අමාත්‍යංශ ලේකම් වැනි රජයේ ඉහල තනතුරු වලට පත් කළ යුත්තේ පරිපාලනය දන්නා පළපුරුද්ද තිබෙන අය පමණක් යැයි  එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පැවැසීය.

කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී ඇති මේ අවස්ථාවේ ජනතාව සමඟ කටයුතු කර පළපුරුදු නිලධාරින් පමණක් උසස් තනතුරු වලට පත්කළ යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ එක්සත් ජාතික පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් කොළඹ 7, පස්වන පටුමගේ පිහිටි සිය නිවසේදී හමුවූ අවස්ථාවේදීය.

ජනතාවට කෙලින්ම වගකියන අමාත්‍යංශ වලට පරිපාලනය ගැන අවබෝධයක් නැති අය පත් කිරීමෙන් අර්බුද රැසක් නිර්මාණය විය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි මෙවැනි අවස්ථාවකදී උපරිමයෙන් ක්‍රියා කළ යුතු ආයතන සඳහා පළපුරුදු සහ පරිපාලනය ගැන දන්නා නිලධාරින් සිටිය යුතුම බව එක්සත් ජාතික පක්‍ෂ නායකයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

t

o

p