දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

May 13, 2020

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.

මේ අතර ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇදහැලීමත් සමඟ දැදුරු ඔයේ ජල මට්ටම ඉහල ගියා. එහි වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කෙරුණු අතර පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ඇතිවුණා.

ඒ අනුව හලාවත මෝය බැකෝ යන්ත්‍ර යොදා කපා දැමීමට ආපදා කළමනාකරන නිලධාරීන් කටයුතු කළේ ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවීම වළක්වාලීම සඳහායි.

t

o

p