මෙම වසරේ (2020) ගතවූ මාස 4 ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 18,000 ක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවැසීය.
මීට අමතරව මෙම කාලය තුළ ඩෙංගු මරණ 19 ක් වාර්තා වන බව ද හෙතෙම කීය.
මේ වෙලාවේ හැමදෙනාගේම ඔලුවල තියෙන්නෙ කොරෝනා.මම කියන්නෙ මෙි වෙලාවේ කොරෝනා වගේම ඩෙංගු ගැනත් හැමදෙනාම අවධානය යොමු කළයුතු කාලයක් මේක යැයි වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කරයි.