ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 100 කට වැඩි වර්ෂාපතනයක්

April 29, 2020

දිවයිනේ ඌව, නැගෙනිහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ‍හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන්කළේ බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍වන බවයි. 

එමෙන්ම පොළොන්නරුව,මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 100 කට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තද සුළං ද ඇතිවිය හැකියි.

t

o

p