කොරෝනා අස්සේ උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරයාට නීතිය තදින්ම

April 26, 2020

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය පෞද්ගලික උපකාරක පන්තියක් වටලා එය පවත්වාගෙන ගිය ගුරුවරයා සහ නිවසේ හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට අනුරාධපුර මහ නගර සභාව පියවර ගනු ලැබීය.

2020 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් සැකකාර ගුරුවරයා විසින් උපකාරක පන්තියට කැඳවා තිබිණි.

සෞඛ්‍ය අංශය නිලධාරීන් විසින් රටේ පවතින තත්ත්වය පිළිබඳව එම ළමුන්ගේ මවුපියන් කැඳවා දැනුවත් කිරීමෙන් අනතුරුව සිසු සිසුවියන් ඔවුන්ගේ නිවෙස්වලට යැවීමට පියවර ගෙන තිබිණි.

t

o

p