මැතිවරණය කල් දැමීම සමඟ ව්‍යවස්ථා අර්බුදයක්

April 26, 2020

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ පාලන සමයේ හඳුන්වා දෙන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුවේ වාරාවසාන වීම හෝ වෙනත් හේතුවකින් ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබීමෙන් මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය.

ඒ අනුව පසුගිය මාර්තු 02 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසුරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තුව වෙනුවට තෝරා ගන්නා ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුව ජුනි 02 වෙනි දිනට ප්‍රථම රැස්විය යුතුය.

එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම සිදුවිය යුතු නීත්‍යානුකූල කටයුත්තකි.

කෙසේ වුවත් රට තුළ පැතිරෙමින් තිබෙන කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් ජුනි 02 වෙනි දිනට ප්‍රථම මහ මැතිවරණය පැවැත්විය නොහැකි බව අප්‍රේල් 20 වෙනි දින තීරණය කළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය ජුනි 20 වෙනි දින පැවැත්වීමට දින නියම කළේය.

ඒ සමඟම ශ්‍රී ලංකාවේ යළිත් වරක් බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වී තිබේ.

t

o

p