‘කොරෝනා වසංගතයෙන් පසු මහා සාගතයක්’ – අනතුරු ඇඟවීමක්

April 26, 2020

ලෝක ආහාර වැඩසටහන (WFP) ප්‍රකාශ කරන පරිදි, එහි දරුණු ම අනතුර එල්ල වන්නේ යුද ගැටුම්, ආර්ථික අර්බුද සහ දේශගුණ විපර්යාශයන් තදින් ම බලපාන රටවල් දහයකටය.

ආහාර ආර්බුද පිළිබඳ ගෝලීය වාර්තාවේ සිව් වන වාර්ෂික ප්‍රකාශනය මගින් ඉස්මතු කර දක්වා ඇති එම රටවල් දහය වන්නේ, යේමනය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඇෆ්ඝනිස්තානය, වෙනිසුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව සහ හයිටි යන රාජ්‍යයන්ය.

දකුණු සුඩානයේ සමස්ත ජනගහනයෙන් 61%ක් පසුගිය වසරේ ආහාර අර්බුදයකට මුහුණ දුන් බව ලෝක ආහාර වැඩසටහන (WFP) ඉහත කී වාර්තාව මගින් පෙන්වා දෙයි.

Covid 19 වසංගතය පැතිර යාමට පෙර පවා නැගෙනහිර අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ඇතැම් කලාප බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දී සිටියේය. ඊට හේතු වූයේ නියඟය සහ දශක කීපයක් බල පැවැත්වුණු බෝග විනාශකාරී පළගැටි උවදුරයි.

t

o

p