මැයි 15 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අත්හිටුවයි

April 25, 2020

2020 අප්‍රේල් මස 25 වෙනිදා COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, රජයට සහය දැක්වීම සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය සම්පත්, උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසන්නේ.

t

o

p