කොරෝනා පැතිරීම වේගයෙන් – මර්ධනය සෙමින්

April 15, 2020

COVID-19 වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන අතර එය වඩාත් සෙමින් මර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ කොරෝනා පැතිරීම වැළැක්විය  හැක්කේ, වෛරසය ආසාදනය වුවන්ගේ සබඳතා සොයා ගැනීම , සැලකිය යුතු ධාරිතාවයකින් පරීක්ෂණ සිදු කිරීම ඇතුළු නිවැරදි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන්නේ නම් පමණක් බවයි.

මේ අතර යුරෝපයේ ඇතැම් රටවල් , අගුලු දැමීමේ තත්වයන් ලිහිල් කිරීම පිළිබද සලකා බලමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එවැනි ලිහිල් කිරීම ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතු බවයි.

t

o

p