මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමෙන් වැලකීන්න

April 4, 2020

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ අවසන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමෙන් වැලකී සිටින්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසමේ මන්ත්‍රීවරුන්ට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මුස්ලිම් ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.


එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දුන්නේ කොළඹ අරලියගම මන්දිරයේදි පැවැති පක්ෂ නායක රැස්වීමේදීය.


සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දින්ට කරුණු පැහැදිලි කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ මේ අසීරු අවස්ථාවේ ක්‍රියාකළ යුතුව ඇත්තේ සෞඛ්‍ය අංශ හා වෛ්‍යෛවරුන් දෙන උපදෙස් අනුව බවය.
හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට ද මේ බව දැනුම් දීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය.


කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ  අවසන් කටයුතු මුල්කර ගනිමින් රටතුළ ආගම්වාදි අර්බුදයක් ඇති නොකරන්නැයිද රනිල් වික්‍රමසිංහ මහතා හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන් හා ෆයිස්ර මුස්තාපා යන හඑක්යරුන්ට දැනුම් දී සිටියේය.


සෞඛ්‍ය උපෙදස් අභිබවා යමින් ක්‍රියාකිරීමෙන් සම්පුර්ණයෙන්ම වැළකි සිටිමට එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකවරුන්ට එක්සත් ජාතික පක්ෂ නායකයා මීට පෙර උපදෙස් දුන්නේය.

අංජුල මහීක වීරරත්න

t

o

p