පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා

April 4, 2020

පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. එම කාන්තාව ඊයේ රාති‍්‍රයේ අයි ඞී එච් රෝහල වෙත යොමු කෙරුණු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 

අදාළ කාන්තාවගේ සැමියා ද කොරෝනා ආසාදිතයෙකු ලෙස ඉකුත් 31 වනදා හඳුනා ගැනුණා. ඔහුද එදින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා අතරට අයත්වූවෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. 

මෙම පුද්ගලයා ඉන්දුනීසියාව සහ තවත් රටවල් කිහිපයකටද ගොස් ඇති බව ද මේවනවිට අනාවරණ වී තිබෙනවා. ඔහු ඉකුත් 26 වනදා පුත්තලම, කඩුමයන්කුලම ප‍්‍රදේශයෙන් හමුවූ පළමු නව කොරෝනා ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරයකට එක්ව ඇති බව ද හෙළිව තිබෙනවා

t

o

p