මාර්තු 12 ව්‍යාපාරය

March 13, 2020

ගෞරවාන්විත දේශපාලන සංස්කෘතියක් සඳහා ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් සැකසුණු මාර්තු 12 ව්‍යාපාරය මගින් සම්මන්ත්‍රණයක් හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී   පැවැත්විණ.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්, නිලධාරීන් පිරිසක් මෙන්ම සියළුම දේශපාලන පක්ෂ වල නායකයින් හෝ නියෝජිතයින් සිවිල් සමාජ ක්‍රියාකරුවන් සහ කළාකරුවන් ඇතුළු විද්වතුන්ද මෙම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයකි.

මෙම ව්‍යාපාරයට සුභ පතමින් දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය අදහස් ප්‍රකාශ කළ අතර එහිදී හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා “ගරු කටයුතු දේශපාලකයින් තෝරා පත් කරගැනීමේ අවසන් වගකීම ඇත්තේ ඡන්ද දායකයා වෙත බවත්, එම නිසා මෙවර ඡන්දය භාවිතා කිරීමේදී ගරු මන්ත්‍රීතුමා යැයි හදවතින් ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයින් පමණක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවන්න” යැයි සමස්ත ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය.  

t

o

p