රවි ඇතුළු 10කට වරෙන්තු

March 7, 2020

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) වරෙන්තු නිකුත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන අටකට සිදුකළ මූල්‍ය පාඩුව නැවත අයකර ගැනීම සඳහා රජය වෙනුවෙන් නීතිපතිවරයා විසින් සිවිල් නඩු අටක් පවරා ඇති අතර, ඉන් නඩු පහක් කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවීය.

මහ බැංකු බැඳුම්කර මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දමමින් අයුතු ධනවත්වීමක් අත්කරගෙන ශ්‍රී ලංකා රජයට, මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතනවලට අලාභයක් සිදු කර ඇති බවත්, එම අයුතු ධනවත්වීමෙන් උපයාගත් රුපියල් බිලියන ගණනක මුදලක් ‘පර්පෙචුවල් ට්‍රෙෂරිස්’ සමාගමෙන් නැවත අයකර දෙන්නැයි ඉල්ලා මේ නඩු පහ 2018 වසරේදී පැවරීය.

t

o

p