විදුලි බල්බ ලබා දීමේ ව්‍යාපෘතිය ඇණ හිටීම නිසා විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩි වෙයි

March 5, 2020

දිනකට විදුලිය මෙගාවොට් 304 ක් ඉතිරි කර ගැනීම සදහා පසුගිය රජය විසින් සෑම විදුලිපාරිභෝගිකයෙකුටම විදුලිය පිරිමසන විදුලි බල්බ ලබා දීමට සැළසුම් කරන ලද  ව්‍යාපෘතිය යටතේ වසර 4 ක් තුළ බල්බ් ලක්ෂ 10 ක් බෙදාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදී.

ඒ අනුව විදුලි ඒකක 30- 60 ත් අතර ඒකක ගණනක් මසකට පරිභෝජනය කරනු ලබන නිවසකට බල්බ 3ක් ලබා දීමටත් විදුලි ඒකක 60-90 ක් අතර පරිභෝජනය කරනු ලබන නිවසකට බල්බ 4 ක් ලබා දීමටත් කටයුතු කරන ලදී.

2017/08/04 දින කැදවන ලද ටෙන්ඩර් දැන්වීම අනුව මේ සදහා එක් සමාගමක් තෝරා ගෙන එම ටෙන්ඩරය පිරිනමන ලදී. අදාල සමාගම සමග විදුලිබල මණ්ඩලය ගිවිසුමක් අත්සන් කර ඇත්තේ වසර හතරක් තුළ මෙම බල්බ දසලක්ෂය මිලදී ගන්නා බවය. එම වසර 4 අවසානයේ දිනකට මෙගාවොට් 304 ක විදුලියක් ඉතිරි කර ගත හැකි බවට ඇස්තමේන්තු සකසා ඇත. මෙහි ඇති ප්‍රමිතිය  පිළිබදව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය සහ ඇමරිකාවේ කාබන් ක්‍රෙඩිට්  සංවිධානය සහතික වී ඇත.

එහෙත් මෙම විදුලි බල්බ පාරිභෝගිකයින්ට ලබා දීමේ ව්‍යාපෘතිය මේවන විට මන්දගාමී අන්දමින් ක්‍රියාත්මක වෙමින් පවතී. මේවන විට විදුලිබිලේ විදුලි බල්බ ලබා ගැනීම සදහා පැමිනෙන ලෙස සටහන් කර තිබුනද විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයට පාරිභොගිකයා ගියවිට හිස් අතින් නැවත පැමිණීමට සිදුව ඇත.ඊට

හේතුව අදාල අදාල විදුලි බල්බ නොමැතිවීමයි. මෙසේ වන්නේ අදාල සමාගමේ විදුලි බල්බ සැපයීමේ ප්‍රමාදයද නැතහොත් විදුලිබල මණ්ඩලය විසින් එම බල්බ බෙදා හිරීමේ ප්‍රමාදයද යන්න සොයා බැලිය යුතුය.

කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කර රටේ සෑම නිවසකටම විදුලිය පිරිමසන විදුලි බල්බ ලබා දීමට කටයුතු කලහොත් රටේ විදුලි අර්බුදය නිමාවීම පමණක් නොව පාරිභෝගිකයාගේ මුදල් ඉතිරි වීම ද සිදුවේ. 

එසේ වන්නේ මේ වන විට විදුලි සැපයුම හා විදුලි ඉල්ලුම අතර ඇත්තේ මෙගාවොට් 300 ක පමණ වන ගිගය මග හැර ගත හැකි වන නිසාය. මෙම මෙගාවොට් 300 ක ප්‍රමාණය හදිසි මිලදී ගැනීමක් ලෙස ලබා ගැනීමේදී මහජන මුදල් කෝටි ගණනක් විනාශ වන බව මෑත කාලයේ දී වාර්තා විය.

t

o

p