සජිත් උදේ 11 ට බාර දුන් විපක්ෂ නායක කාර්යාලයේ සවස ප්‍රවෘත්ති සාකච්ඡා තියයි

March 4, 2020


පර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු විපක්ෂ නායක ලෙස කටයුතු කල සජිත් ප්‍රේමදාස සියධූරය අවසන් බව කියමින් මාධ්‍යවේදීන් කැදවා උත්සවශ්‍රීයෙන් විපක්ෂ නායක කාර්යාලයේ යතුර විපක්ෂ නායක ලේකම් අබ්දුල් නවුෆර් වෙත බාර දුන්නේය.

ඊට පෙර මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වා විපක්ෂ නායක ධූරයේ කල කාර් ය බාරය ගැනද දීර්ඝ විස්තරයක් කරනු ලැබීය.

නමුත් සජිත් ප්‍රේමදාස යතුර භාරදුන් කාර්යාලයේ සිටම සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේ ඔවුන්ගේ සුපුරුදු බොරු මාධ්‍ය සංදර්ශනය රටට හෙළි කරමිනි.
සාමාන්‍යයෙන් යම් ආයතනයක් දොරගුළු ලා යතුර එහි  බාරකරු ට භාරදුන් පසු එම ආයතන පරිශ්‍රයට එහි සිටි පිරිස් ඇතුල් වන්නේ නැත්තේ එය නීති විරෝධී බැවිනි .

නමුත් කවදත් බොරු රගපෑම් කරන සජිත් පාර්ශවය සවස යලී එම ස්ථානයේ සිටම මාධ්‍ය හමුවක් පැවැත්වීම හාස්‍යයට කරුණකි .

t

o

p