MCC ගිවිසුම අත්හිටුවයි

March 1, 2020

සහස්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම (MCC) ජාතියේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන අත්සන් තැබීම අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

මෙම ගිවිසුමේ යෝජිත ඇතැම් ව්‍යාපෘතීන්වල ශ්‍රී ලංකාවේ ජාතික, සමාජ හා ආර්ථික සුබ සිද්ධියට අහිතකර බලපෑම් එල්ල විය හැකි අංග ඇතුළත්ව ඇති බවට, ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර ආණ්ඩුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ සමාලෝචන කමිටුවේ අතුරු වාර්තාවෙන් පෙන්වා දී ඇති බැවින් ආණ්ඩුව මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

t

o

p