ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන 55 කට රන් සම්මාන

February 29, 2020

රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මගින් ක්‍රියාත්මක රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේදී 2018 වර්ෂයට අදාළව, ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන  109 ක් සඳහා සම්මාන  හා ඇගයීමේ සහතික පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) සිදු විය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් රන් සම්මාන දිනා ගත් ආයතන සංඛ්‍යාව 55 කි.

රජයේ විශේෂිත වියදම් ඒකක (ප්‍රධාන) අංශය යටතේ රන් සම්මානය දිනා ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සමත් වූ අතර ,රජයේ විශේෂිත වියදම් ඒකක (අනෙකුත්) අංශය යටතේ  පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා  මුදල් කොමිෂන් සභාව සමත් විය.

රජයේ අමාත්‍යාංශ අංශය යටතේ  ක්‍රීඩා අමාත්‍යාංශයත් , බුද්ධ ශාසන අමාත්‍යාංශයත් රන් සම්මාන දිනා ගත්තේය.

රජයේ දෙපාර්තමේන්තු අංශය යටතේ  සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව,විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව,ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව,භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ,නීති කටයුුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව, සමූපකාර සේවක කොමිෂන් සභාව ,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතන රන් සම්මාන දිනා ගත්තේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල අංශය යටතේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා  කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  රන් සම්මාන දිනා ගත්තේය.

පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ  මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව,නැගෙනහිර පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ අධ්‍යාපන, පෙර පාසැල් අධ්‍යාපන, ක්‍රිඩා, සංස්කෘතික කටයුතු හා යෞවන කටයුතු,  පුනරුත්ථාපන හා  ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව ,නැගෙනහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (ඉංජිනේරු ‍සේවා) ,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ,නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන,  ඉඩම් හා ඉඩම් සංවර්ධන, නිපුණතා හා මිනිස්බල සංවර්ධන, කාන්තා කටයුතු හා ජල සම්පාදන අමාත්‍යාංශය ,වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය ,වයඹ පළාත් ප්‍රතිපත්ති සම්පාදන හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවත් රන් සම්මාන දිනා ගත්තේය.

ඊට අමතරව වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ,උතුරු පළාත් මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලි, නිවාස හා ඉදිකිරීම්, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාමීය සංවර්ධන, මාර්ග සංවර්ධන, රථවාහන හා ප්‍රවාහන අමාත්‍යාංශය  ,උතුරු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව ,උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන, වෙළඳ හා වාණීජ අමාත්‍යාංශය ,උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ‍ලේකම් කාර්යාලය (ඉංජිනේරු),උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (මුදල්),උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (පිරිස් පුහුණු),උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්),උතුරු පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව ,උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ,සබරගමුව පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව ,සබරගමුව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ,බස්නාහිර පළාත් පළාත් පාලන,  ආර්ථික ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලාපවාහන හා සංචාරක අමාත්‍යාංශය යන ආයතනද පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ   රන් සම්මාන දිනා ගත්තේය.

ප්‍රාදේශීය සභා අංශය යටතේ රිදීගම ප්‍රාදේශීය සභාව  හා කුලියාපිටිය ප්‍රාදේශීය සභාව රන් සම්මාන දිනා ගත්තේය.

ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන  අතරින් රිදි සම්මාන දිනාගත් ආයතන සංඛ්‍යාව 23 කි.ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීම කථානායක කරූ ජයසූරිය, රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසගේ සහභාගීත්වයෙන් සිදු වූහ.    

රජයේ අමාත්‍යාංශ අංශය යටතේ තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය ,කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය ,නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය රිදී සම්මාන දිනා ගත්තේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල අංශය යටතේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රිදී සම්මාන දිනා ගත්තේය.

පළාත් සභා අරමුදල් අංශය යටතේ උතුරු පළාත් සභාව හා  ඌව පළාත් සභාව සම්මාන දිනාගත් අතර, පළාත් සභා අධිකාරි අංශය යටතේ දකුණු පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව ,වයඹ පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය ,නැගෙනහිර පළාත් නිවාස අධිකාරිය රිදී සම්මාන දිනා ගත්තේය.

බොරලැස්ගමුව ,කුලියාපිටිය ,මිනුවන්ගොඩ ,පේදුරුතුඩුව  යන නගර සභාවන් නගර සභා අංශයෙන් රිදී සම්මාන දිනා ගත් අතර , ප්‍රාදේශීය සභා අංශය යටතේ බිංගිරිය,පඬුවස්නුවර ,පොල්පිතිගම ,කටාන ,පන්නල ,මිනුවන්ගොඩ ,කොබෙයිගනේ ,නාරම්මල ,උඩුබද්දාව  යන ප්‍රාදේශීය සභා රිදී සම්මාන දිනා ගැනීමට සමත් විය.

සම්මාන උළෙළේ දී ඇගයීම් සහතික හිමිකරගත් ආයතන සංඛ්‍යාව 31 කි.

08 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනට යටතේ පැවැත්වෙන මෙම සම්මාන උත්සවය මෙවර පැවැත්වූයේ සිව්වෙනි වරටය.මේ අවස්ථාවට මැති ඇමැතිවරු,කාරක සභාවේ සාමාජිකයෝ,පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

t

o

p