සුනඛ දරුවෙක් සමග සසර ගමනේ

February 29, 2020

මේ අනුරාධපුරයේ මාතලේ හන්දිය ආසන්නයේ තනිව ජීවත් වන කාන්තාවක්.විවිධ තැන් වලින් සොයාගන්නා මල් පැළ,මල් වගාවට උවමනා වියළි ගොම පොහොර විකුණා කීයක් හරි අරගෙන තමයි ඇය ජීවිකාව ගෙවන්නේ.

මේ සයිකලය මත ඉන්නේ ඇය දරුවෙක් වගේ හදාගන්න සුනඛයා.ඇය තමන්ගේ වෙළහෙළඳාම් කටයුතු වලට යනකොටත් තමන්ගේ සයිකලයේ විශේෂ ආසනයක් උඩ හිඳුවාගත්තු මේ සුනඛයාව රැගෙන යන්න අමතක කරන්නේ නැහැ.ඒ වගේම මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇය මේ සුනඛයා සයිකලය මත හිඳුවාගෙන තල්ලු කරගෙන යනු විනා සයිකලය පැදගෙන යනු කිසිවෙකුත් දැක නොමැති වීමයි.

ඒ අනුව ඇය මේ සයිකලය තමන්ගේ සුනඛ සුරතලාගේ ගමන් පහසුව සඳහා මිස තමගේ ගමන් පහසුව සඳහා මිලදී ගත් එකක් නොවන බව පැහැදිලියි.අනුරාධපුරේ මාතලේ හන්දිය පැත්තෙන් විපරම් කළොත් සත්ව කරුණාව උතුරා යන හදවතක් ඇති මේ කාන්තාව ගැන තව බොහෝ තොරතුරු දැනගන්න පුළුවන්.

තිලක් සේනාසිංහ

t

o

p