රනිල් මහමැතිවරණයට කොළඹින්

February 28, 2020

එක්සත් ජාතික පක්ෂ නායක සහ  හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එළැඹෙන  මහමැතිවරණයට කොළඹ  දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි  සිරිකොත පක්ෂ මූලස්ථානය සදහන් කරයි.

එමෙන්ම එළැඹෙන මහමැතිවරණයේදී කිසි ලෙසකින්වත් ජාතික ලයිස්තුවට  ඇතුලත් නොවීමට කතානායක කරු ජයසූරිය මහතා  තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.

දැනට තිබෙන දේශපාලන  වාතාවරනය  අනුව කථාකනායක කරූ ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්  මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි  අපේක්ෂා කෙරේ.

එජාප නියෝජ්‍ය නායක  විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස  මහතාගේ නායකත්වයෙන්  පිහිටුවිමට යන පුළුල්  සංධානයට අනුමැතිය ගැනීම සදහා එක්සත් ජාතික නායක රනිල් වික‍්‍රමසංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මන්ඩල රැස්විමක්  ලබන සදුදා   පවැත්වේ.

විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස  මහතාගේ නායකත්වයෙන්  පිහිටුවිමට යන පුළුල්  සංධානයට එජාප කෘත්‍යාධිකාරී මන්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව   එය නීත්‍යානුකූල සංධානයක් බවට පත්වේ.

t

o

p