සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුමත කරන්න යයි

February 27, 2020

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කරගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය සෙසු පක්‍ෂ සමග සන්ධාන ගතවීමේ උත්සවය සඳහා. ආරාධනා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පෙරවරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම දැනුම් දීම කර ඇත.

සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අදාළ ව්‍යවශාව නිරීක්ෂණය කොට සංශෝධන ඇතොත් ඉදිරිපත් කරනු ඇතැයිද එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙත වැඩි දුරටත් දැනුම් දී තිබේ.

කොළඹ නෙලුම් පොකුනේදී ලබන සඳුදා (02) පැවැත්වෙන සමගි ජන බලවේගය ජන ගත කිරීමේ සමාරම්භක උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කිරීම සඳහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද ගිය බව පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

(අංජුල මහික වීරරත්න)

t

o

p