ගව මස් වෙළඳසැල් තාවකාලිකව වසා තැබිමට නියෝග

February 27, 2020

මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පැතිර පවත්නා සත්වයින්ට වැළඳී ඇති මුඛ හා කුර රෝගය පාලනය සඳහා එම සතුන් මධ්‍යම පළාත තුළ ප්‍රවාහනය කිරීමේදී දැඩි නීති රීති පැනවීමට මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පී.රාජනායක මහත්මිය පියවර ගෙන ඇත .

මේ වනවිට මෙම රෝගය මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වන අතර , මෙම සතුන් මධ්‍යම පළාතෙන් පිට පළාත් වලටත් පිට පළාත් වලින් මධ්‍යම පළාතටත් ප්‍රවාහනය කිරීම හැකි තරම් දුරට සීමා කර ගන්නා ලෙසට අධ්‍යක්ෂ වරිය ගොවීන්ට උපදෙස් ලබාදෙන බව සඳහන් කරයි .

එමෙන්ම මුඛ සහ කුර රෝග පැතිර යාමේ අවදානමක් ඇති බවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කළ ලිඛිත දැනුම් දීමක් මත අද (27) දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ගව ඝාතකාගාරවල සතුන් ඝාතනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත.

t

o

p