කොරෝනා ට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව දැක්වූ සහය පිලිබද ඇගයිමක්

February 24, 2020

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසනවා.

වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා මිත්‍රයින්ට ස්තූතියි” යනුවෙන් ලිපියක් ලියමින් ඔහු මේ බව සඳහන් කළා.

වෛරසයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට චීනය ලබාදුන් සහාය කිසිදා අමතක නොකරන බවත් චීන ජනපති ෂී ජින් පින්ගේ නායකත්වය යටතේ වසංගතයට එරෙහි සටන චීනය ඉක්මනින්ම ජයගන්නා බවත් තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

t

o

p