අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න

February 17, 2020

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අප ශ්‍රී ලංකා ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය වෙත ලැබී ඇත.

මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී අප සංගමයට නිරීක්ෂණය වී ඇති අතර වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා ‘අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම’ වැනි ක්‍රම හරහා සමාජ මාධ්‍ය අඩවි තුල සිදුවන බවක් අනාවරණය වී ඇත.

මෙම මුල්‍ය වංචා මෙහෙයවන්නන් බොහෝමයක් තම බැංකු ගිණුමට හෝ වෙනත් විද්‍යුත් මුදල් ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මුදල් ලබාගෙන ඔවුන් විසින් පොරොන්දු වූ අදාළ සේවාව ලබාදීමට කටයුතු කරනු නොලබයි. තවද සමාජ මාධ්‍ය පිටු මගින් පරිශීලකයන්ට සපයන ‘පහසු ණය යෝජනා’ ක්‍රම හරහා පරිශීලකයන්ගේ බැංකු දත්ත වක්‍රාකාරයෙන් ලබාගැනීමට කටයුතු කරන බවක්ද අප සංගමයට නිරීක්ෂණය වී ඇත.

සමාජ මාධ්‍ය අඩවී සහ අන්තර්ජාලය හරහා ඉහත සදහන් සේවා දෙකෙන් එක් සේවාවක් ලබාගැනීමට සමාජ මාධ්‍ය පරිශීලකයන් අදහස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලබාදී කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරැ තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශිකයන්ට දැනුම් දෙමු.

තවද ‘පහසු ණය යෝජනා’ ක්‍රම යටතේ ඔබ යම් ණයක් ලබාගැනීමට කටයුතු කරන්නේ නම් ඔබගේ  බැංකු පරිශීලකනාම (User Name) සහ මුරපද (Password) එම ණය මුදල ලබාදීමට කටයුතු කරනා පිරිස් වෙත කුමන හෝ හේතුවකට ලබාදීමට යාමෙන් වලකිනා ලෙස අප සංගමය වැඩිදුරටත් දැනුම් දෙමු. 

t

o

p