පක්ෂ යාන්ත‍්‍රණය වහාම සූදානම් කරන ලෙස පක්ෂ නායක දැනුම්දෙයි

February 14, 2020

මහමැතිවරණය ඉලක්කකරගනිමින් පක්ෂ බල මණ්ඩල, අනුබද්ධිත සංවිධාන ඇතුලූ පක්ෂ යාන්ත‍්‍රණය  වහාම සූදානම් කරන ලෙස එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප  සංවිධායකවරුන්ට සහ මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  එජාප දිස්ත‍්‍රික් කළමනාකරුවන්  හමුවූ  පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉහත උපදෙස් නිකුත් කරනු ලැබීය.

එක්සත් ජාතික  පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්,  ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරුන්ද දිස්ත‍්‍රික් කළමනාකරුවන්ගේ  හමුවට එක්ව සිටියහ.

මහමැතිවරණය  සදහා  නව සංවිධාන ජාලයක් හදුන්වාදීමටද  එක්සත් ජාතික  පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට කටයුතු කරමින් සිටී.

කොළඹ  ඇතුලූ දිස්ත‍්‍රික්කවල පක්ෂ සංවිධාන පිහිටුවීමට වඩා  සමාජ ජාල, වෘත්තිකයන් දැනුවත් කිරීම මගින් පක්ෂ  සංවිධාන ජාලය  ක‍්‍රියාත්මක කිරීමට එමගින් අපේක්ෂා කෙරේ.

මහමැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සදහා  එක්සත් ජාතික  පක්ෂයේ ආසන සංවිධායකයින්, පලාත් පාලන නියෝජිතයින් සහ  යොවුන් පෙරමුණුු,  ලක් වනිතා ඇතුලූ ශාඛා සමිති නියෝජිතයන් ඉදිරි දිනවලදී සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට කැදවේ.

t

o

p