කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම 17 දා

February 14, 2020

එක්සත් ජාතික පකෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් (17) පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම  විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විම කැදවා ඇත්තේ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා කළ  ඉල්ලීමට අනුවයි.

එක්සත් ජාතික පක්ෂයේ  මූළිකත්වයෙන්  පිහිටුවීමට යෝජිත පුලූල් සංධානයේ ලකුණ  පිලිබදව  පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ගැනීමට අවස්ථාවක්  දෙන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා  එක්සත් ජාතික පක්ෂ රනිල් වික‍්‍රමසිංහ  මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

විපක්ෂ නායක  සජිත් පේ‍්‍රමදාස මහතාගේ  ඉල්ලිමට ප‍්‍රතිචාර දක්වමින් පිටකෝට්ටේ  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්තානයේදී  විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට පියවර ගැණිනි.

t

o

p