දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය අතරින් රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට

February 13, 2020

දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3% ක් ලෙසින් දක්වා ඇති අතර 2019 වසරේ දී මෙම අගය වාර්තා වූයේ 2.7% ක් වශයෙනි.

මෙම පුරෝකථනයන්ට අනුව බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගන්නා රටවල් බවට හඳුන්වා ඇත. මෙහිදී 7.2% ක ඉහළම ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කර ඇත්තේ බංග්ලාදේශයෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4% ඉක්මවනු ඇති බවයි.

t

o

p