දුම්රිය ගේට්ටු මුරකරු දුම්රියේ ගැටී මරුමුවට

February 1, 2020

ජා-ඇල තුඩැල්ල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාරිගයේ දුම්රිය ආරක්ෂක ගේට්ටු මුරකරු ලෙස සේවය කල අය දුම්රියේ ගැටී මරුමුවට පත්විය.

සිය රාජකාරි කටයුතු කරමින් සිටියදී ඔහු 31දා උදෑසන 10.30 ට පමණ මෙලෙස දුම්රියේ ගැටී මිය ගොස් ඇත. කොළඹ සිට මීගමුව හලාවත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී මියගොස් තිබුණේ අංක 02 දුම්රිය නිවාස සාන්ත මරියා පාර පදිංචි වු. එක්. අනුර බණ්ඩාර (38) නැමති තිදරු පියෙකි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ජා-ඇල පොලීසිය විසින් සිදු කරනු ලබයි

t

o

p