අද බොහෝ හිමිවරු මහණ කම් වෙනුවට කරන්නේ ,කපුකම් , ඇදුරුකම් සහ පෙදරේරු කම්‍.පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති හිමි

January 31, 2020


අප රටේ වැඩ වෙසෙන මහා සංඝරත්නයෙන් වැඩි කොටස අද මහණ දම් පිරීම පසෙකලා දේශපාලන කපුකම් , ගිහියන්ගේ ශාන්තිකරම මෙහෙයවන පූජක කම් සහ පෙදරේරු කම් කරන්නවුන් බවට පත්ව ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්ත විමල හිමිපාණෝ අවධාරණය කරති .භික්ෂූන් වහන්සේ නමකට රටක දේශපාලනයට ඍජුව මැදිහත් වීමට ශාසනික අවසරයක් නොමැති බව පෙන්වා දෙන උන් වහන්සේ වැඩි දුරටත් අවධාරණය කරනුයේ භික්ෂුවක් යම් දේශපාලනික අදහසක් පළ කළ යුත්තේ බුදුන් වදාළ චන්දෝපම ප්‍රතිපදාවට අනුව සැමට එකසේ එළිය දෙන සඳක් මෙන්‍ මිස එක් දේශපාලන කඳවුරකට හෝ පක්ෂයකට හෝ පුද්ගලයෙකුට වාසිදායක නොවන ලෙසට බව උන් වහන්සේ අවධාරණය කරති.
එමෙන්ම අද ඇතැම් භික්ෂූන් වහන්සේලා තම ශ්‍රමණ ආකල්ප ප්‍රවර්ධනය කොට සමාජයේ බෞද්ධ සදාචාරය ඉස්මතු කරවීමට වඩා සිමෙන්ති වැලි කලු ගල් යොදා විහාරස්ථාන ගොඩනැංවීමට දරන වෙහෙස අනුව උන් වහන්සේලා කෙරෙන් ශ්‍රමණ ප්‍රතිරූපය ඉක්මවා පෙදරේරු ප්‍රතිරෑපය මතුවෙන බව පෙන්වා දෙන උන් වහන්සේ කප් රුක් පූජා වැනි හරසුන් වදන් යොදමින් දාගැබ් වලට කංචුක හෙවත් හැට්ට ඇන්ඳවීමේ නිශ්ඵල ශාන්ති කර්ම වලට භික්ෂූන් ගේ දායකත්වය හිමි වීමද බුදු සසුනේ පරිහානියට මුල් වන බව ශාන්ත විමල හිමියෝ පෙන්වා දෙති .

තිලක් සේනාසිංහ

t

o

p