පක්ෂය සජිත්ව අගමැති අපේක්ෂකයා කරයි

January 31, 2020


එළැබෙන මහ මැතිවරණයේදි තරඟ කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානයක් පිහිටුවීමටත් එහි නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.

මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත් පක්ෂ මූලස්ථානයේදි  අද සවස රැස්විය.

කෘත්‍යාධිකාරි මණ්ඩලයට විනය හේතුන් මත අජිත් පි පෙරේරා, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ඉම්පිතයාස් බාකිර් මාකාර් යන මහත්වරුන් නම් නොකිරීමට විරෝධය පළ කරමින් කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගි නොවන බව සජිත් ප්‍රේමදාස පාර්ශවය ප්‍රකාශ කර තිබිනි.

කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් 35 ක් ඊට සහභාගි නොවන බව ඔවුන් මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහෙත් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සභභාගී වී නැත්තේ සභිකයන් 16 දෙනෙකු පමණකි.

කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් 59 දෙනාගෙන් සභිකයන් 37 දෙනෙකු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇත. 6 දෙනෙකු නොපැමිණෙන බව පෙරම දැනුම් දී තිබේ. මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන සභිකයන් දෙදෙනා ද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබේ.

t

o

p