සමන් රත්නප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කෙරේ

January 29, 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට වැලිගොඩගේ සමන් රත්නප්‍රිය සිල්වා මහතා පත් කර  තිබේ.ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින්  ඊයේ නිකුත් කරනු ලැබීය.

සමන් රත්නප්‍රිය සිල්වා මහතාගේ නම එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිම ලබන මස 05 වැනිදා සිදු කෙරේ.

t

o

p