ඩයලොග් පදනමේ අරමුදල මගින් මඩකලපුවේ දරුවන් 66 කට දිගුකාලීන ශිෂ්යත්ව

January 29, 2020

ඩයලොග් පදනමේ Rally to Care අරමුදල විසින්, මඩකලපුවේ සිදුවීමෙන් විපතට පත් දරුවන් 66 ගේ දිගුකාලීන අධ්‍යාපනයට සහාය වෙමින්, ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී.

ඩයලොග් පාරිභෝගිකයන්‚ (දේශීය මෙන්ම විදේශීය) තනි පුද්ගල දානපතියන්‚ ව්‍යාපාරික හවුල්කරුවන් සහ සමාගම්වල නිර්ලෝභී දායකත්වයෙන් පිහිටුවාගත් Rally to Care අරමුදල විසින්, 2019 දෙසැම්බර් 13 වෙනිදා පාසිකුඩා හි අමායා බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා හීදී, මෙම දරුවන් 66 දෙනාට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

අධ්‍යාපනය හරහා දරුවන්ගේ ජීවිත සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ළඟා කරවීමේ අරමුණ හා, බලාපොරොත්තු සහ අවස්ථා සහිත දීප්තිමත් අනාගතයක් ඔවුන් ඉදිරියේ ඇති බවට සහතිකවෙමින් මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්.උදයකුමාර්, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, සර්වෝදය ආයතනයේ විධායක අධ්‍යක්ෂ චමින්ද රාජකරුණා, සියොන් දේවස්ථානය නියෝජනය කරමින් මිෂෙල් මහේසන් සහ තවත් පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පාස්කු ඉරිදා සිදුවීම්වලින් විපතට පත් දරුවන් 353 දෙනෙකු සඳහා, පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙමින්, Rally to Care අරමුදල යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවිය.

t

o

p