ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට යසන්ත කෝදාගොඩට අනුමැතිය

January 26, 2020

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමේදී ශ්‍රේෂඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කල නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම සඳහා අනුමැතිය ලැබී තිබේ.

එමෙන්ම නීතිඥ යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පදවියට පත්වීමෙන් පුරප්පාඩු වන අභියාචනාධිකරණයේ සභාපති ධූරය සඳහා ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා පත්කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද අනුමැතිය ලබා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉහත නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලිඛිතව දන්වා එවා තිබිණි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, ආර් සම්බන්ධන්, තලතා අතුකෝරළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් වන එන් සෙල්වකුමාරන් සහ ජාවිඩ් යූසුෆ් ඇතුළු සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.

t

o

p