ලැව් ගිනි නිවන්න ගිය ගුවන් යානය කඩා වැටි ගිනි භටයන් 3 ක් මරුට

January 23, 2020

796Views

ඕස්ට්‍රේලියාවේ සිදුවූ ගුවන් අනතුරකින් අමෙරිකානු ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ගිනි නිවීමේ කටයුතුවලට සම්බන්ධ වූ ගුවන් යානයක්.

මෙම යානය නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ ගිනි නිවීමේ මෙහෙයුම් සදහා එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. අධික උෂ්ණත්වය හා තද සුළං හේතුවෙන් නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ යළිත් ගිනිගැනීම් වාර්තා වෙමින් තිබෙනවා. යානය පියාසර කරමින් තිබුණේ එම ගිනි ගැනීම් පාලනය සඳහා ජලයද රැගෙනයි. 


එහෙත් අදාළ යානය සම්බන්ධයෙන් අද උදෑසන සිට කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. පසුව අනාවරණය වී ඇත්තේ යානයේ සිටි කාර්ය මණ්ඩලය සමගම යානය අනතුරට ලක්ව ඇති බවයි. 

යානය අනතුරට ලක්ව ඇත්තේ කැන්බරා අගනුවරට දකුණු දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශයකදීයී.  එහෙත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

t

o

p