උන් රජ ගෙට අපි පාරට සජිත් නිහඩයි සේවකයෝ සජිත්ට දෙස් තියති හේමා ප්‍රේමදාස බැන පන්නා ගනියි

January 22, 2020

පසුගිය ආණ්ඩු සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට බදවා ගත් සේවකයින් 2500ක් වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග ඉවත් කළ සේවකයින් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණි සිය විරෝධය පළ කළේය.

නිවාස අධිකාරිය වෙත සජිත් ප්‍රේමදාස නිවාස ඇමතිවරයා ලෙස සිටියදි බදවා ගත් සේවකයන් 2000 අධික සංඛ්‍යාවක් වත්මන් රජය පත්වීමත් සමග ඉවත් කළද ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් සේවකයෝ දැඩි කළ කිරීමකට පත්ව සිටිති.

වත්මන විපක්ෂ නායක ලෙස මෙම සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගිය යුතු වුවත් එවැනි කිසිවක් නොකළ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙම සේවකයන් හමුවීමටවත් අවස්ථාවක් ලබාදී නොමැත.

නිවාස අධිකාරියේ රාජකාරි කරන සමයේ කළමනාකාර සහකාරවරුන් ලෙස බදවාගෙන සිටි මොවුන්ගෙන් රැයක් දවාලක් නොලබා වැඩගත්ත ද ඔවුන්ව ස්ථිර කිරිමට කිසිදු පියවරක් හිටපු නිවාස ඇමතිවරයා නොගත් බවද මෙම සේවකයෝ ප්‍රකාශ කරති.

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයට මෙලෙස බදවාගත් කළමනාකාර සහකාරවරුන්ගෙන් ඇමතිවරයාට හා ඔහුගේ ලේකම්වරුන්ට හිතවත් 38 දෙනෙකු අනුයුක්ත කර ගත්ත ද එම සේවකයන්ද මෙලෙස ඉවත් කළ පිරිසට ඇතුලත්ව සිටියි. ඔවුන් ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා හමුවීමට උත්සාහ දරා ඇතත් ඊට ද අවස්ථාව ලැබී නොමැත.

මොවුන් තමන්ගේ දුක කීමට සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය හමුවීමට ගොස් ඇති අතර එහිදි ඇය පවසා ඇත්තේ “ඡන්දේ දුන්නු උන්ගෙන් රස්සාවල් ඉල්ල ගන්නවා” යනුවෙනි. වසර කිහිපයක් තමන් අවංකව සේවය කළ ස්වාමියාගේ මෑනියන් හමුවීමට ඔවුන් ගොස් ඇත්තේ තමන්ට වූ අසාධාරණය විසදුමක් සොයා ගැනීමට වුවත් අවසානයේ ඔවුන්ට සිදුව ඇත්තේ දෙස් තියමින් නැවත හැරී එන්නටය.

මෙම සේවකයන් මේ වන විට සංවිධානය වෙමින් සිටින අතර ඔවුන් දිගින් දිගටම පවසන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ කිසිදු විටක තමන් හෝ තම පවුලේ ඥාතීන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය නොදෙන බවකි. මෙම සේවකයන්ගේ පවුල් ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයන් වීම ද විශේෂත්වයකි. 

සංවිධානය වූ පිරිස් සිය රැකියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවේ පිහිට පතා ඇත.

t

o

p