සොදුරු මිනිසා නික්ම යන දිනය අදයි

January 15, 2020

නුවරඒළිය ,දෙහිපේ ගම්මානයේදි 1948 ජුනි මස 12 වෙනි උපත ලද ඔහුට කෘෂි ආර්ථික රටාවකට යොමුවුනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, හෘදයංගම සහ ලෙන්ගතු දෙහිපේ ගැමියන් මෙන්ම, වරින් වර කුඹුරේ, කමතේ, ලියද්දේ රඟ දැක්වුනු සොකරි, කිඳුරු ගැමි නාටක ද, බලියාග, කෙම්බර, පිංකම, හඟුරන්කෙත පෙරහැර ආදිය ද, පසුකාලීන සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අතිශය ශක්තිමත් පාදමක් වී ඇති බව පැවසේ.

මේ සැමටත් වඩා සිංහල නාටකයේ නව වංශකතාව ආරම්භ කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මෙම කාල වකවානුවේදී සිංහල පිලිබඳ ඔහුගේ ආචාර්යවරයා බවට පත් වීමත්, එතුමාගේ නවතම නාට්‍යය වූ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ හී ප්‍රධාන භූමිකාව සඳහා තේරීමත් කලාභාවිත දිවි ගමනේ ශක්තිමත් පදනම වී ඇත.

‘දවස තවමත් තරුණයි’ නම් නවකතාවක් ඒවකට ලියා තිබේ. 1991 විතර ගෙදරින් අමනාප වී ගොස් අවුරුදු හතරක් විතර නාට්‍යත් එක්කම දිවි ගෙවා ඇත. 1995 දී  රජයෙන් ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ වැඩසටහන් ධූරය ලබා දී තිබේ.

1980 දශකයේදී ඔහුගේම නවකථාවක් වු ‘දවස තවමත් තරුණයි’ නවකථාව ඇසුරින් ප්‍රසන්න විතානගේ ලියූ තිරකතාවකින් චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කර ඇති අතර  එහි රූගත කිරීම් අනුරාධපුරයේ සිදු කර ඇත. චිත්‍රපටියෙන් 1/3 ක් පමණ රූගත කිරිම් වලදී මුදල් අඟහිඟතාවයක් නිසා කණ්ඩායමට ඒය අධ්‍යක්ෂණය සම්පුර්ණ කිරිමට හැකි වි නැත.

ජයලත් මනෝරත්නයන්ගේ බයෝග්‍රැපියෙන් උපුටා ගන්නා ලදි.

t

o

p