සම්මානීය කලාකරු ජයලත් මනෝරත්න සමුගනී

January 12, 2020

ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 71 කි.

තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ.

ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළහ.

දේහය පිළිබද අවසන් කටයුතු බදාදා(15) සිදුකිරීමට නියමිතය.

t

o

p