අරාබියේ දීර්ඝතම කලක් පාලකයා මියයයි

January 11, 2020

අරාබි ලෝකයේ දීර්ඝතම කලක් පාලකයාව සිටි ඕමානයේ 79 හැවිරිදි සුල්තාන් ඛාබෝස් බින් සායිඩ් අල් සායිඩ් මියගොස් ඇත.

පිලිකා රෝගයක් හේතුවෙන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දිගුකලක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සුල්තාන් වරයා නැවත ඕමානය වෙත පැමිණ ඇත්තේ පසුගිය මාසයේදීයි.

1970 වසරේ දී සිය පියාට එරෙහිව බ්‍රිතාන්‍ය යේ සහායෙන් සිදුකළ හමුදා කුමන්ත්‍රණයකින් ඕමානයේ බලය අල්ලා ගත් සුල්තාන් ඛාබෝස් සැලකෙන්නේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිය කරා රැගෙන ගිය තැනැත්තෙක් ලෙසයි.

t

o

p